21.5 C
Sri Lanka
Thursday, April 22, 2021

අන්තර් මෝසම් වර්ෂාවෙන් ඉහළ ප්‍රථිඵල ලබා ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්…

වියළි හා අතරමැදි කලාප වල ගොවි ජනතාව වෙත මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් උදෙසා අවශ්‍ය උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මේ වන විට සක්‍රීයව පවතින අන්තර් මෝසම් වර්ෂාව උපයෝගී කර ගනිමින් වී වගා ක්ෂේත්‍රයේ බිම් සකස් කිරීම කඩිනමින් සිදු කල යුතු වේ.

වී වගාවේ ඉදිරි කටයුතු සඳහා ඉදිරියේදී ලැබෙන වාරි ජලය උපයෝගී කර ගැනීමට හැකියාව පවතී.

එමගින් වෙනත් වගා කටයුතු සඳහා වැව් වල ඉතිරිව තිබෙන ජලය යොදා ගැනිමට හැකියාව පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here