24 C
Sri Lanka
Friday, January 22, 2021

අන්තර් මෝසමින් වී වගාවට පිවිසෙන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට උපදෙස්..

මේ වන විට දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් බොහෝ කුඹුරු ඉඩම්වල පාංශු තෙතමන තත්ත්වය ඉතා සතුටුදායක මට්ටමකට ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම, සමහර කුඹුරු යායන් තුළ සැලකිය යුතු උසකින් ජලය රැදී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි බව ද එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම තත්ත්වය සැල කිල්ලට ගනිමින්, ජලාශ මගින් වාරි ජලය නිකුත් කරන තෙක් රැදී නොසිට කුඹුරු ඉඩම්වල මූලික බිම් සැකසීම වහාම ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව ස්වභාවික සම්පත් මධ්‍යස්ථානය ගොවි ජනතාවට අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඔක්තෝබර් මාසය තුළ හොදින් වැසි ලැබුන ද මෙරට වාරි ජලාශ සහ වැව්වල ජල මට්ටම ඉහළ යාමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එබැවින් එම ජලාශවලින් වාරි ජලය ගොවීන් වෙත ලබාදීම ද කල් ගත වනු ඇති බැවින් දැනට පවතින වර්ෂාව භාවිත කරමින් වාරි ජලයෙන් වගා කරන කුඹුරු ඉඩම්වල බිම් සැකසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට අවධාරණය   කෙරේ.

එමෙන්ම, ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටින්නේ වර්ෂා ජලයෙන් සිදු කෙරෙන උස්බිම් වගාව ඒ ඒ ප්‍රදේශවල සාමාන්‍ය මහ කන්නයේ දී අනුගමනය කරන වගා රටාවන් පරිදි සිදු කළ හැකි බවය.

කෙසේ වෙතත්, 2019-2020 මහ කන්නයේ දී හොදින් වැසි ලැබීමට වැඩි අවකාශයක් ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් දැක් වේ.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here