21.7 C
Sri Lanka
Thursday, May 6, 2021

අනුරපුර බඩ ඉරිගු ගොවීන් නගා සිටුවීමේ වැඩසටහනක් ඇරඹේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු ගොවීන් 5000 ක් සදහා මූල්‍යමය සහ වෙනත් ආධාර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට බඩ ඉරිගු ගොවීන් දිරිගැන්වීමේ වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ගොවීන් 5000 හට රැපියල් 48000 බැගින් මුදල් ආධාර මෙහිදී ලබාදීමට නියමිතය.

එමෙන්ම, .නවීන උපකරණ,නවීන තාක්ෂණික දැනුම,50% බීජ සහනාධාර මේ යටතේ ලබා දීමට සැලසුම් කර තිබේ.

යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීමේදී ගොවියාගේ ඉල්ලීමට අනුව එය සිදු කෙරෙනු ඇති.

බඩඉරිඟුවලින් රට ස්වයංපොෂිත කිරීමේ ඉලක්කය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

වගා කිරීමට මෙන්ම අස්වැන්නට සාධාරණ මිලක් සහිතව අලෙවි කිරීමට ද පහසුකම් හා වටපිටාව සකස් කිරීම රජයේ අපේකෂාව වේ.

මෙම වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ බඩ ඉරිගු ගොවීන් මුහුණ දෙන ‍විවිධ ගැටළු විසදීම පිළිබදව ද රජය අවධානය යොමු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය, රාජ්‍ය අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උතුරු මාද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන ක්‍රියාවට නංවයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here