අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය, රාජාංගනය, ගලෙන්බිදුනුවැව හා රදාව යන ප්රදේශයන්හීනව මී මැසි ගම්මානයන් පිහිටුවීමට පියවර ගත් බව එම දිස්ත්‍රික් අන්තර් පළාත් කාර්යාලයේ විෂය භාර නිළධාරී ඒ.එන්.එන්. නලීෆ් මහතා ප්‍රකාශ කළේය.
එම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ඉහළ ගුණාත්මයෙන් යුත් මී පැණි පාරිභෝගිකයන් හට ලබා දිමේ පරමාර්ථයෛන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිනි.
2017 මී මැසි ගම්මාන පිහිටුවීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් මෙම ගම්මානයන් පිහිටු වූ බව ඒ.එන්.එන්. නලීෆ් මහතා සදහන් කළේය
මෙම මී පැණි නිෂ්පාදනයන් අළෙවිය සදහා හෙළ බොජුන් අලෙවිසැල් යොදා ගැනීමට අපේක්ෂා කරන බව අනුරාධපුර අන්තර් පළාත් කාර්යාලයේ විෂය භාර නිළධාරී ඒ.එන්.එන්. නලීෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.