අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 1200 ක් සම්බන්ධ කර ගනිමින් මිරිස් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
එම දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක හතක ඉඩම් හෙක්ටයාර 8000 ක් හදුනාගෙන ජාතික මිරිස් අවශ්‍යතාවය 100% ක් මෙරට තුළම නිෂ්පාදනය කිරීම රජයේ අරමුණය.
ඉදිරි වසර 03 ඇතුළත එම අරමුණ සාර්ථක කර ගැනීමට පියවර ගන්නා බව රජය කියා සිටී.
අනුරාධුපර දිස්ත්රිකත්කයේ මේ වන විට ක්‍රියාත්මක මිරිස් වගා ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 548 ක් ආධාර ලෙස ලබා දී තිබේ.
කාබනික පොහොර භාවිතය, වල් පැළ හට නොගන්නා ආකාරයේ නව තාක්ෂණය, නවීන තාක්ෂණ උවදුරුවලට මුහුණ දිය හකි පරිදි ආරක්ෂිත දැල් යොදා සකස් කිරීම තුළින් සාර්ථක මිරිස් අස්වැන්නක් ලබා ගැනීම සදහා ගොවියා යොමු කරවා තිබේ.
දේශීයත්වය රැකගනිමින් නවීන්තවයට මිරිස් ගොවියා රැගෙන යාම රජයේ අරමුණයි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.