ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් එම දෙපාර්තමේන්තුවේ ධන සවිය ප්‍රතිලාභීන්ට හිමිකම්පත් ප්රදානය හා පැළ බෙදා දීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.
ඒ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මහනුවර මාරස්සන මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විනි.
මෙහිදී ධන සවිය ප්‍රතිලාභී පවුල් දහසකට අපනයන කෘෂි බෝග පැළ ලබාදීම සිදු විය.
ඒ අනුව එක් පවුලකට ගම්මිරිස් පැළ 30 ක් ලබාදුන් බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක සමීර රණතුංග මහතා සදහන් කළේය.
මෙම උත්සවයේදී පාසල් දරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ස්ථිර ආදායම් මාර්ග ලබා ගැනීමට හැකිවන පරිදි විශේෂිත වැඩපිළිවෙලක් ද හදුන්වා දී තිබේ.