24.1 C
Sri Lanka
Thursday, January 21, 2021

අපි වවලයි අපි කන්නේ විශේෂ වගා ප්‍රවර්ධන සතිය දිවයිනේ පළාත රැසක දී…..

අපි වවලයි අපි කන්නේ තේමාව රැගත් කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක විශේෂ කෘෂිකර්ම ප්‍රවර්ධන සතිය පසුගිය 15 වනදා ආරම්භ විණි.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර,දකුණ යන පළාත්වල ලබන 21 දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම මහවැලි බල ප්‍රදේශවල මෙම ප්‍රවර්ධන සතිය ලබන 22 වනදා ආරම්භ වන අතර, එය 28 වනදා දක්වා පැවැත්වේ.

මෙම විශේෂ ප්‍රවර්ධන සතිය තුළ නියගයෙන් පීඩා විදි කෘෂිකාර්මික ප්‍රදේශවල ගොවීන් යලි වගා කටයුතු පිළිබදව උනන්දු කරවීමට අපේක්ෂිතය.

එමෙන්ම වගා කළ හැකි සෑම බිමකම වගා සිදු කිරීම මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යප්ති හා පුහුනු අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජගත් සුදසිංහ මහතා පැවසීය.

මෙම ප්‍රවර්ධන සතියේ දී ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවීන්ට ලබා දීම, කෙටි කාලීන වගා ක්‍රම භාවිතය, ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබදව දැනුවත් කිරීම, වගාවට අවශ්‍ය පැළ ලබා දීම මෙන්ම කෘෂි උපකරණ ලබා දීම වැනි ක්‍රියාවලීන් ද සිදු වන බව අතිරේක අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පූර්ණ මග පෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතන ද මෙම වගා ප්‍රවර්ධන  ක්‍රියාන්විතය සදහා එක්ව සිටී.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here