ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් සදහා නොමිලේ බීජ ලබාදීමේ වැඩසටහනක් අම්පාර අන්තර් පළාත් ව්‍යාප්ති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.
ඒ යටතේ කව්පි හා මුං බීජ ගොවින්ට ලබා දෙන බව එම කාර්යාලයේ විෂය භාර නිළධාරී කේ.සී.සංජීව මහතා පැවසීය.
බීජ සහතික කිරීමේ සේවය විසින් මෙම දිස්ත්‍රික්කයේ ගොවිපලවල් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.
තෙවන කන්නය සදහා බීජ නිෂ්පාදනය හා වී වගාව කල නොහැකි ඉඩම් වල අතිරේක ආහාර බෝගයන් වගාව සදහා ගොවීන් යොමු කිරීම මෙහි මුලික අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.