අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ.
එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන විට අක්කර 60 ක පමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවය.
මේ වන විට ක්ෂේත්රයේ පැළ සිටුවීම සිදු කර ඇති අතර වගාව සිදු කරන ගොවීන් සදහා අවශ්‍ය යටිතල හා තාක්ෂණික පහසුකම් ලබාදීමට අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඇති ගැටලු විසදීම හා ගොවි මහතුන්ට සහය වීම සදහා මහඔය ප්‍රදේශයේ කාර්යාලයක් ද ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
මෙම වගාව පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා 071-8482865 දුරකතන අංකයෙන් අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ සම්බනධ කර ගැනීමට හැකියාව පවතී.