අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා සදහන් කළේ මේ යටතේ රටකජු ගොවීන් දිරිමත් කිරීම සදහා උසස් තත්ත්වයේ රටකජු බීජ කිලෝ ග්‍රෑම් දස දහසක් ගොවීන් වෙත ලබා දුන් බවය.
ගුණාත්මක බීජ නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රෙද්ශයේ රටකජු ගොවීන් මුහුණ දුන් ගැටළුවට විසදුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මේ සදහා රුපියල් මිලියන 3.4 ක් වැය කර ඇති අතර, ගොවීන් 194 දෙනෙකු සදහා මෙම ව්‍යප්ති වැඩසටහන දියත් කළ බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා කිසයා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශගුණ සුහුරු ව්‍යාපෘතිය මේ සදහා දායකත්වය ලබා දී තිබේ.
මෙම වැඩපිළිවෙල හරහා මෙවර රටකජු වගාවේ ඉහළ අස්වැන්නක් අපේක්ෂා කරන බව ද දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.