20 C
Sri Lanka
Friday, October 23, 2020

අම්පාරේ වානිජ පළතුරු වගාව සාර්ථකව ක්‍රියාවට නැංවේ.

අම්පාර දිස්ත්‍රික්කය තුළ වාණිජ පළතුරු වගා ගම්මාන වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවෙන බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී.දිසානායක මහතා පවසයි.

දොඩම් හා පැපොල් වගාව වානිජ මට්ටමින් අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

පදියතලාව ප්‍රදේශයේ හෙක්ටයාර් 200 ක පමණ වානිජ මට්ටමින් දොඩම් වගාව සිදු කරන අතර, මේ වන විට අස්වනු නෙලමින් පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

මෙවර දොඩම් අස්වැන්න ඉතා ඉහළ මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගිය යුධමය කාල වකවානුව තුළ යුද්ධය පැවති ඕමාරි, කංචිකුඩිච්චිආරු, තිරුක්කෝවිල් හා තංගවේලායුධපුරම් යන ප්‍රදේශවල මේ වන විට පැපොල් වගාව සාර්ථකව සිදු කෙරේ.

ආරුගම්බේ වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ඉහළ ඉල්ලුමක් පැපොල් සදහා පවතින බව දිසානායක මහතා කියා සිටියේය.

ඒ අනුව එම ප්‍රදේශවල පැපොල් හෙක්ටයාර 60 පමණ සාර්ථකව වගා කිරීමට හැකියාව ලැබුණ බව අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

එමෙන්ම අම්පාර පානම ප්‍රදේශයේ පොල් වගාව සමග අන්නාසි වගාව සිදු කිරීම සදහා ද පියවර ගෙන තිබේ.

අක්කර 12 ක පමණ මෙම ප්‍රදේශයේ අන්නාසි වගාව සිදු කර ඇති අතර, මේ වන විට අස්වනු නෙලීමේ කටයුතු සිදුවන බව  ඩී.එම්.එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here