අම්පාර දිස්ත්‍රික්කයේ සොයා වගාවේ නිරත ගොවීන්ගේ සෝයා අස්වනු සදහා ඉහළ වෙළදපලක් ලබාදීම කෙරෙහි එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ඒ අනුව සෝයා ගොවීන්ගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබාදීමට ව්‍යාපාරික ආයතනයක් සමග ගිවිසුමකට එළඹි බව අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී.දිසානායක මහතා සදහන් කළේය.
ඒ අනුව සොයා ගොවියකු සතු කිලෝ ග්‍රෑම් 01 ක අස්වැන්න සදහා රුපියල් අනූ පහක මිලක් ලබාදීමට තීරණය වී ඇත.
එමෙන්ම සෝයා වගාවේ නිරත ගොවියෙක් සදහා හෙක්ටයාරයකට රුපියල් 1600 ක මුදලක් ලබා දී ඇති බව ද නියෝජ්‍ය අධ්යක්ෂවරයා සදහන් කළේය.
මේ වන විට වගා කළ සෝයා බීජවල මල් පිපෙන අවස්ථාවේ පවතින බව ද ඩී.එම්.එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 250 කට අධික පිරිසක් සෝයා වගාවේ නිරතව සිටී.