වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව තිබේ.
එම දිසත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී.දිසානායක මහතා සදහන් කළේ මේ වන වට පෞද්ගලික අංශය සමග එක්ව මූලක අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවය.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ අක්කර 1000 ක පමණ මෙම ව්‍යාපෘතිය සිදු කිරීම කෙරෙහි සාකච්ඡා පැවැත්වේ.
රසායනික පොහොර වලින් තොරව කාබනික පොහොර පමණක් යොදා සිදු කිරීමට නියමිත මෙම වී වගාව තුලින් වස විස නොමැති සහල් වෙළදපලට ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා සදහන් කළේය.