21.5 C
Sri Lanka
Thursday, April 22, 2021

අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළඹු මර්දන විශේෂ සතියක්

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නය තුළ වගා කර ඇති බඩ ඉරිගු වගාව සේනා දළඹුවාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා  සේනා දළඹු මර්ධන විශේෂ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී.දිසානායක මහතා සදහන් කලේ පසුගිය 07 වනදා සිට ලබන 11 වනදා දක්වා මෙම සතිය ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව මෙම සතිය තුළ ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම උදෙසා ගෙයින් ගෙට යාම, පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීම, සේනා සම්බන්ධයෙන් වන වීදි නාට්‍ය ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.

එමෙන්ම, සේනා පිළිබදව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධව සැකසූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ද සිදු කෙරෙන බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

මෙහිදී විශේෂයෙන්,  ඔක්තෝබර් 15 ට පෙර පැළ සිටවා අවසන් කිරීම, විශාල ප්‍රමාණයේ බීජ සිටුවීම, නිරතුරුව වගාව පිළිබදව පරීක්ෂාවෙන් සිටීමට ගොවි මහතුන්ට උපදෙස් ලබා දීම සිදු කෙරේ.

එමෙන්ම, තම වගාව සම්බන්ධයෙන් ඇති ගැටළුවලදී නිරතුරුව ප්‍රදේශයේ සිටින කෘෂිකර්ම උපදේශක නිලධාරීයා සම්බන්ධ කර ගන්නා ලෙස ද මෙහිදී ගොවි මහතුන්ට අවධාරණය කර සිටින බව දිසානායක මහතා කියා සිටියේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා ගොවි මහත්ම මහත්මීන්ගේ උපරිම සහය අපේක්ෂා කරන බව ද අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වැඩ් දුරටත් සදහන් කළේය.

 

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here