අම්පාර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය විසින් අතිරේක ආහාර බෝග වැඩසටහනක් ක්රියාවට නංවා තිබේ.
ඒ අනුව කව්පි සහ මුං වගාවන් මෙම වැඩසටහන යටතේ ක්රියාත්මක බව එම දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එස්.ඒ කලීස් මහතා පැවසීය.
දෙහිඅත්තක්ණ්ඩිය, දමන, අම්පාර,උහන,සමන්තුරෙයි යන ප්රදේශවල හෙක්ටයාර 214 ක කව්පි වගා කිරීමට මේ යටතේ පියවර ගෙන තිබේ.
කවිප් බීජ කිලෝ 2126 ක් ගොවීන් 521 දෙනෙකු සදහා නොමිලේ ලබා දුන් බව අම්පාර දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂවරයා සදහන් කළේය.
එමෙන්ම, තිරුකෝවිල්, නින්දවූර්,අඩ්ඩාලච්චේන,සමන්තුරෙයි හා කාර්තිව් යන ප්රදේශවල හෙක්ටයාර් 182 ක මුං වගා කර ඇති බව ද කලීස් මහතා ප්රකාශ කළේය.
ඒ සදහා මුං බීජ කිලෝ 1825 ක් පමණ ගොවීන් 86 දෙනෙකුට නොමිලේ ලබා දුන් බව දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ එම්.එස්.ඒ කලීස් මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.