ඉදිරි මහ කන්නය වෙනුවෙන් අර්තාපල් වගා කිරීම සදහා ගොවීන් හට සූදානම් වීමට කාලය එළඹ ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අර්තාපල් බෝග නායක හා නුවරඑලිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඒ.ජී.සී බාබු මහතා පවසයි.
ඒ අනුව එම කන්නය සදහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් අර්තාපල් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සීතාඑළිය බීජ ගබඩාවෙන් ලබා ගත හැකි බව ඒ මහතා සදහන් කළේය.
එමෙන්ම, අල වගා කිරීම සදහා ක්ෂේත්රය සකස් කිරීමෙන් අනතුරුව මෙම බීජ අර්තාපල් රැගෙන යාම සුදුසු බව ද අධයක්ෂවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කන්නයේදී ක්ෂේත්රය සකස් කිරීමට පෙර රැගෙන ගිය බීජ අර්තාපල් නරක් වීම හේතුවෙන් ඇතැම් ගොවීන් හට ගැටලුවලට මුහුණ දීමට සිදු වූ බව ද බාබු මහතා කියා සිටියේය.
එබැවින් නිසි ක්‍රමවේද අනුව බිම් සකස් කර වගා කටයුතු නිවැරදි ආකාරයට සිදු කිරී මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව අර්තාපල් බෝග නායක ඒ.ජී.සී බාබු මහතා වැඩිදුරටත් සදහන් කළේය.