දිවයිනට බලපා ඇති ගං වතුර හා නායයාම් තත්ත්වයෙන් අවතැන් වූ අපේම සහෝදර ජනතාව මේ වන විට විවිධ ස්ථානවල පිහිටුවා ඇති සහන කදවුරුවල රැදී සිටී.
ඇදිවත පමණක් සහිතව බොහෝ පිරිස් එම කදවුරුවල රැදී සිටින අතර මෙම ආපදා අවස්ථාවේදී අපේම ජනතාවට රැකවරණය සැලසීම මිනිසත්කමින් සපිරි අප සැමගේ යුතුකම වේ.
එම යුතුකම තම වගකීම කර ගනිමින් සැමදා ක්‍රියා කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ගං වතුර තත්වයෙන් දැඩිම බලපෑම් එල්ල වූ රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද දිනයේ සහ හෙට දිනයේදී ක්‍රියාත්මක කරයි.
අද දිනයේ අවතැන් වූ සහෝදර ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක මඩුල්ල රත්නපුර ප්‍රදේශයට පිටත්ව ගියහ
මෙම වැඩසටහන සංවිධාන කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුභ සාධක නිලධාරී සම්පත් රත්නායක මහතා පැවසුවේ ලක්ෂ 04 කට අධික වටිනාකමකින් යුතු සහනාධාර තොගයක් අද දිනයේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදුන් බවය.
එම ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල්, බිස්කට්, මදුරු දැල්, කොට්ට, ඇද ඇතිරිල් , බෙහෙත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ හා සෙරෙප්පු එම සහනාධාර තොගයට අයත්ය.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.