යෝධ නිදිකුම්බා යනු මෙරට වගා බිම්වල විශාල වශයෙන් පැතිර යමින් පවතින ආක්‍රමණශීලී ආගන්තුක ශාකයක්.
මේ ශාකය වගා බිම්වල පැතිරීම හේතුවෙන් මෙරට ප්‍රදේශ බොහොමයක ගොවීන් ගැටළු රැසකට මුහුණ දෙන බව වාර්තා වේ.
මෙම ශාකයේ ඇති ගැටලුකාරී තත්ත්වය වන්නේ වගා බිම්වල මේවා විශාල වශයෙන් පැතිර යාම සහ පැතිරුණ විට උගුල්ලා විනාශ කිරීම අපහසුවීමය.
එමෙන්ම මෙම ශාක නිසා පොළව හෙවණ වීම මෙන්ම අනෙකුත් ශාක වදවී යාම සිදු වේ.
එමෙන්ම මෙම ශාකයේ ඇට ව්‍යප්ත වී යාමෙන් වගා බිමක් යෝධ නිදිකුම්බා යායක් බවට පත්වීමට ගතවන්නේ කුඩා කාල සීමාවක්.
මෙහි ඇති ගැටලුකාරී තත්ත්වය නිසාම කෘෂි එෆ් එම් ප්රවෘත්ති අංශය මේ පිළිබදව ගන්නෝරුව පැලෑටි සංරක්ෂණ සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ එස්.එස්.වැලිගමගේ මහතාගෙන් මේ පිළිබදව විමසීමක් කළෙමු.
එහිදි ඒ මහතා සදහන් කලේ විශේෂයෙන් වැව්, ගංගා , මාර්ග ආශිතව මෙම ශාකය හට ගැනීම සිදුවන බවය.
පසුව සුළගෙන් හා පක්ෂීන්ගෙන් මෙන්ම වැලි හා පස් ප්‍රවාහනයේදීද මෙහි ඇට අනෙකුත් ප්‍රදේශවල ව්‍යප්ත වීම සිදුවන බව ඒ මහතා කියා සිටියේය.
මෙම ශාකය කුඩා කලදීම උගුල්ලා ඉවත් කිරීමෙන් මෙහි පැතිරීම වළක්වා ගත හැකි බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මෙය කුඩා කලදී හැදිනීමට අපහසු වීමෙන් උගුල්ලා නොදැමීම හේතුවෙන් පැතිරීම සීඝ්‍ර වී ඇති බවද එස්.එස්.වැලිගමගේ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒ ඒ ප්‍රදේශවල කෘෂිකර්ම උපදේශකවරුන් හරහා මෙම ශාකය මර්දනය කිරීම පිළිබදව ගොවීන් දැනුවත් කිරීම සිදු කරයි.
එමෙන්ම අත් පත්‍රිකා අනෙකුත් දැනුවත් කිරීම් වැඩසටහන් හරහාද මෙම ශාකය වගා බිමෙන් ඉවත් කරන ආකාරය පිළිබදව ගොවීන් දැනුවත් කරන බව පැලෑටි සංරක්ෂණ සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා කෘෂි එෆ් එම් වෙත වැඩිදුරටත් සදහන් කළේය.