මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කෘෂි කර්යේෂණ නිලධාරීන් බදවා ගැනීමේ දී කෘෂිකර්ම විද්‍යාලවල අධ්‍යාපනය ලැබූවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
කෘෂිකර්මය පිළිබද මනා දැනුමකින් යුත් පිරිස් බදවා ගැනීම තුළින් ගොවියා සහ නිලධාරියා අතර සබදතාවය ශක්තිමත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමගින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඇතිවන ගැටළු නිසි ලෙස විසදා ගැනීමට ද හැකියාව ලැබෙන බව පී හැරිසන් මහතා කියා සිටියේ පසුගියදා ගොවීන් පිරිසක් හට වන්දි ලබාදීම සදහා පැවති උත්සවයක් අමතමිනි.
කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම රජයේ අරමුණ බව ද මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.