එලවලු බෝගයන්ට වෙළඳපොලේදී ඉහළ මිලක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කල්තියාම එම කාලය සඳහා සුදුසු බෝග වර්ගයන් වගා කිරීමට යොමු විය යුතුයි.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකතන ඒකකය විසින් වගා කිරීමට සුදුසු බෝග පිළිබඳව පූර්ව නිවේදනයන් නිකුත් කරනු ලබයි.
වර්තමාන වගා වපසරිය හා අනාගත ඉල්ලුම අනුව මෙම පුරෝකතනයන් නිකුත් කෙරේ.
ඒ අනුව ජනවාරි මස 06 වන දින සිට 20 වන දින දක්වා වගා කිරීමට සුදුසු බෝග වර්ගයන් පිළිබඳව පූර්ව නිවේදනය මේ වන විට නිකුත් කොට ඇත.
මෙම කාලය තුළ වෙළඳපොලේදි ඉතාමත් හොඳ මිලක් ලබා ගැනීමට නම් බීටි රූට් වගා කිරීමට යොමු විය යුතුය.
බෝංචි, කරවිල, මාලු මිරිස්, කැරට්, වම්බටු, ගෝවා, පතෝල, තක්කාලි, මෑ කරල්, පිපිඤ්ඤා, වැටකොලු, ලීක්ස්, රාබු, බණ්ඩක්කා හා වට්ටක්කා යන බෝග වර්ගයන් වගාව තුළින් වෙළඳපොලේදී හොඳ මිලක් ලබාගත හැකි බව බෝග පුරෝකතන ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.