ගොවීන් විසින් වගා කරනු ලබන කෘෂිකාර්මික බෝගයන්ට ඉදිරියේ දි වෙළඳපොල තුළ ලැබෙන මිල පිළිබඳව උපකල්පනය කරමින් වර්තමානයේ වගා කල යුතු බෝග වගා වපසරියන් පිළිබඳව පෙර දැනුම් දීම් මේ වන විට සිදු කෙරෙමින් පවතී .
බෝග පුරෝකථන වාර්තා ලෙස එළි දක්වක මෙම පුර්ව දැනුම් දිම් සැප්තැම්බර් මස 06 වන දින සිට සැප්තැම්බර් මස 21 වන දින දක්වා ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම දෙසතියට අදාලව වම්බටු ,මෑකරල්,වට්ටක්කා ,තක්කාලි සහ බණ්ඩක්කා වගා කිරිම තුළින් ඉතාමත් හොඳ මිලක් ඉදිරියේදි ලබා ගත හැකි බව පුරෝකථන වාර්තා මගින් පෙන්වා දී ඇත.
පතෝල ,මාළු මිරිස් ,කරවිල, පිපිඤ්ඤා, හා වැටකොළු යන බෝග වගා කිරිම තුළින්ද ඉදිරියේ දී වෙළඳපොළ තුළින් ඉතාමත් හොඳ මිලක් ලබා ගත හැකි බව දන්වා සිටී.
බෝංචි,රාබු , බීට් රූට් හා ගෝවා මෙම දෙසතිය තුළ වගා කිරීම සඳහා වඩා හොඳ තේරීමක් වන අතර ඉදිරියේ දී වෙළඳපොළ තුළ හොඳ මිලක් ලැබෙන බව පෙන්වා දි ඇත.
නමුත් මෙම දෙසතිය තුල වගාව සඳහා කැරට් හා ලීක්ස් තෝරා ගැනීම හොඳ තේරීමක් වන නමුත් වෙළඳපොළ තුළින් ඉදිරියේ දී සාමාන්‍ය මිලක් ලබා ගත හැකි බව බෝග පුරෝකථන ඒකකය තව දුරටත් සඳහන් කර ඇත.