ඉදිරි මහ කන්නයේදී වගා කිරීම සදහා දෙමුහුම් බඩ ඉරිගු බීජ පැල්වෙහෙර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයෙන් ලබා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දෙමුහුම් බීජ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්තානය විසින් අභිජනනය කරන ලද්දක් බව දෙපාර්තමේන්තුව කියා සිටී.
එම් වයි එච් අයි 1 හා එම් අයි එච් වයි 2 ලෙස මෙම දෙමුහුම් බීජ නම් කර තිබේ.
මෙම බඩ ඉරිගු බීජ කිලෝ එකක් රුපියල් 800 ක මිලකට ගොවීන්ට ලබා ගත හැකිය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මත නිෂ්පාදිත මෙම දෙමුහුම් බඩ ඉරිගු බීජ ඉදිරි මහ කන්නයේ වගා කිරීම සදහා පැල්වෙහෙර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සම්බන්ධ කර ගැනීමෙන් ගොවීන්ට ලබා ගත හැකි වේ.