මෙවර මහ කන්නයේ ඉදිරි කාල සීමාව තුළදී සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටී.
ඒ අනුව වී හා අනෙකුත් වගා කටයුතු සඳහා කුඩා හා මහා වාරි ජලාශ වලින් කාලසටහනකට අනුව ජලය නිකුත් කල යුතු වේ.
එමෙන්ම දැඩි සීමාකාරී තත්ව යටතේ ජලය මුදා හැරීම සිදු කල යුතුයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරනය කර සිටින්නේ මහ කන්නයේ ඉදිරි වගා කටයුතු සඳහා සහ ඉදිරි යල කන්නයේ වගා කටයුතු ආරම්භයේදී භාවිතා කිරීමට ජලාශ සංචිත වල තිබෙන ජල ප්රමාණය ආරක්ෂා කරගත යුතු බවයි.