එලවලු හා පලතුරු ආශ්‍රිතව ආහාර නිෂ්පාදනය පිළිබදව කෑගල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
කෑගල්ල පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා තිබෙන කාන්තා සංගම් 08ක සාමාජිකාවන් 40 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙය පැවැත්වුණ බව රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිල්මා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළාය.
ඌන භාවිත පළතුරු වර්ග හා ඒ ආශ්‍රිතව සිදු කල හැකි ආහාර නිෂ්පාදනයන් පිළිබදව මෙහිදී විශේෂයෙන් අවදානයක් යොමු කරන ලදී.
එමෙන්ම මේ වන විට ස්වයං රැකියාවන් සිදු කරනු ලබන හා ඒ සදහා උනන්දුවක් දක්වන තෝරාගත් කාන්තාවන් සදහා තම රැකියා කටයුතු සදහා අවශ්‍ය වන උපකරණ කට්ටලයන් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිල්මා රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළාය.
දේශිය එලවලු හා පලතුරු ආශ්‍රිතව ආහාර නිෂ්පාදනයන් උපයෝගී කර ගනිමින් සබරගමු පළාතේ කාන්තාවන් ගේ ජීවන තත්වය ඉහළ නැංවීම මෙහි මුලික අරමුණක් බව ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කළාය.