20 C
Sri Lanka
Friday, October 23, 2020

එලවලු හා පළතුරු වගාවන්ට හානි සිදු කරන තවත් දළඹුවෙක් රුවන්වැල්ල ප්‍රදේශයෙන් හමුවේ…..

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දළුවාලන වසම තුළ ස්පොඩොප්ටෙරා වර්ගයට අයත් දළඹුවකුගෙන් වගා ක්‍ෂේත්‍රයන්ට සීග්‍ර ලෙස හානි සිදු වන බව වාර්ථා වේ.

සියලුම එලවලු හා පළතුරු වර්ගයන්ට මෙම දළඹුවාගෙන් හානි සිදු වන බවත් පොල් වගාවට හානි සිදු කිරීමක් මෙතෙක් වාර්ථා වී නොමැති බවත් රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක සදරුවන් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

මෙම දළඹුවාගේ හිස ප්‍රදේශය රතු පැහැති වේ. සිරුර පුරා සුදු පැහැති තිත් දක්නට ලැබෙන අතර ශරීරය දෙපස කලු සහ කහ වර්ණයෙන් යුක්ත ඉරි දෙකක් දක්නට ලැබේ.

ක්ලොරැන්ත්‍රනිලිප්‍රෝල් (Chlorantraniliprole) අඩංගු කොරැජන් කෘමි නාශකය, එමමැක්ටීන් බෙන්සොඒට් (Emamectin benzoate) අඩංගු ප්‍රොක්ලේම් කෘමි නාශකය සහ ස්පිනටොරාම් (Spinetoram) අඩංගු රේඩියන්ට් යන කෘමි නාශකයන් මෙම දළඹුවා මර්ධනය කිරීම සදහා පැළෑටි සංරක්ෂණ සේවය මගින් දැනට නිර්දේශ කොට ඇත.

ඒ අනුව සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශයේ හානියට පත් ගොවි ක්ෂේත්‍රයන් සදහා මෙම කෘමි නාශක ගොවීන් හට නොමිලේ ලබා දෙන ලදී.

පැළෑටි සංරක්ෂණ සේවයේ උපදෙස් මත රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක සදරුවන් වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පසුගිය 09 සහ 10 යන දෙදින හානියට පත් ක්ෂේත්‍රයන්ට බලවේග ඉසින යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කෘමි නාශකයන් යෙදීම සිදු විය.

මේ සදහා සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, පැළෑටි සංරක්ෂණ සේවයේ නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාවද එක්ව සිටියහ.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට මෙම හානිය රුවන්වැල්ල ප්‍රදේශයෙන් 95%ක් පමණ මර්ධනය වී ඇති බවයි.

තම වගා ක්ෂේත්‍රයන් පිළිබදව නිරන්තර අවධානයෙන් සිට මෙම දළඹු හානිය තිබෙන බවට හදුනාගතහොත් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හමුවී හානිය මර්ධනය කිරීම සදහා නිසි ක්‍රියාමාර්ග ලබා ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මෙම දළඹුවා මර්ධනය කිරීම පිළිබදව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් ඉදිරියටත් ගම් මට්ටමින් සිදු කිරීමට නියමිතය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here