අලුත්තරම බීජ නිෂ්පාදන ගොවිපලේ බීජ නිෂ්පාදන කටයුතු ශක්තිමත් කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් පියවර ගැනේ.
ඒ අනුව එම ගොවිපලේ අතිරේක බෝග බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා හෙක්ටයාර 10 ක විසිරුම් ජල සම්පාදන පද්ධිතයක් ගොවිපල් පරිශ්‍රය තුළ පසුගියදා ස්ථාපිත කෙරින.
රේඛීය අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ මෙය ස්ථාපිත කෙරුණු අතර, ලබන මහ කන්නයේ වගා කටයුතු ඉලක්ක කර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
මේ අතර එළවළු බීජ ගෙවතු වගා කට්ටල පන් ලක්ෂ හැටපන්දහස් පන්සියයක් බෙදා දීමේ වැඩසටහනක් ද බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය, දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධාන කරන ජාතික ගොවි සතියට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැං වේ.
තෙත්,අතරමැදි හා වියළි කලාපීය ගොවීන් සදහා මෙම බීජ බෙදා දීමට නියමිතය.
බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය කාර්යාල මගින් මෙම බීජ ඇසුරුම් කටයුතු සිදු කරන අතර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා බීජ බෙදා දීම සිදු කිරීමට නියමිතව තිබේ.