20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනය කිරීම සදහා ක්ෂණික වැඩපිළිවෙලක්

රට තුළ  එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනය කිරීම සදහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දුන් උපදෙස් මත වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව නියමු වැඩසටහන් ලෙස නාරාහෙන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට සාජුවම ගොවියාගෙන් මිලට ගත් නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව වන සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව අතර පැවැත්විණි.

 නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් හා ඒ යටතේ වූ නිලධාරින් මෙන්ම අදාළ දිස්ත්‍රික්කවල ගොවි සංගම් මෙම වැඩපිළිවෙල සමග සම්බන්ධ කරගනු ඇති.

එසේම ගොවිජන සේවා මධ්‍යස්ථාන හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මිලට ගන්නා නිෂ්පාදන රජය මඟින් සුරක්ෂිතව අදාළ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ට සාධාරණ මිලට අලෙවි කිරිමට පියවර ගැනේ.

අදාළ වෙළඳුන් ඉතා සාධාරණ මිල පරතරයක් සහිතව පාරිභෝගිකයාට එම නිෂ්පාදන අලෙවි කළ යුතු අතර, අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කළයුතු වේ.

 රැගෙන එනවිට සිදුවන හානිය වැළැක්වීමට ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් ඇසුරුම්වල මෙම එළවළු හා පළතුරු ප්‍රවාහනයේ වගකීම රජය විසින් භාර ගනු ලබන බව කෘෂිකර්ම අමාතයංශය සදහන් කරයි.

එබැවින්   එළවළු හා පළතුරු හානිවූ බව පවසමින් වෙළෙදුන් විසින් අධික මිල පරතරයක් පවත්වාගෙන යාම නතර කළයුතු බවද අලුත්ගමගේ මහතා වෙළඳ ප්‍රජාවට අවධාරණය කර සිටී.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here