වර්තමානයේ දී වී , එළවළු හා පලතුරු වගාවන්හි සිදුවන වටපණු හානිය මගින් විශාල අස්වනු හානියක් සිදුවන බව වාර්තා වී ඇත.
සිහින් කෙඳි ආකාරයෙන් යුත් මෙම පණු විශේෂය පිරිසිදු හෝ ලවණ සහිත ජලයේ සහ පස තුල ජිවත් වේ.
මෙම වට පණුවන් ශාක තුලට ඇතුළු වී අභ්‍යන්තර පරිවහන පටක අවහිර කිරීම නිසා ශාක කුරු විම ,මැල වීම,කහ පැහැ වීම මෙන්ම මුල් වල ගැටිති සෑදීම වැනි රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් කරයි.
මේ වන විට වී වගාවේද වටපණු හානිය , ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින අතර නොපමාව මර්ධන පිළිවෙත් වලට යොමු විය යුතු බව කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව පවසයි.
මේ සඳහා ඒකාබද්ධ මර්ධන ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය වන අතර, නෙමටෝඩාවන් ට ගොදුරු නොවන බෝගයන් මාරුවෙන් මාරුවට වගා කිරීම , කුකුල් පොහොර වැනි කාබනික ද්‍රව්‍ය හැකි පමණ එයට එකතු කිරීම සුදුසු වේ.
මේ අතර, රසායනික පාලන ක්‍රමයක් ලෙස නෙමටෝඩාවන්ටම නිර්දේශ කරන ලද වටපණු නාශක දෙකක් වගා බිම් සදහා හදුන්වා දී තිබේ.
ඇබමෙක්ටින් ( Abamectin 20SC ) හා ෆ්ලුපයිරම් ( Fluophyrum 400 SC ) යන රසායනික නම් සහිත මෙම වටපණු නාශක දෙක ඒකාබද්ධ වටපනුනාශක ක්‍රම සදහා යෝග්‍ය බව පෙන්වා දී ඇත.
ඇබමෙක්ටින් ( Abamectin 20SC ) ටර්විගෝ (Tervigo) යන වෙළද නාමයෙන්ද , ෆ්ලුපයිරම් ( Fluophyrum 400 SC ) Velum වෙලම් යන වෙළද නාමයෙන්ද ලබා ගත හැකිබව තව දුරටත් දන්වා සිටී.