නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කර ඉහළ සාර්ථක අස්වැන්නක් ලබා ගත්තද වෙළදපලේ දී අපේක්ෂා කරන මිල නොලැබුණහොත් ලාභයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ගොවි මහතුන් විශාල පිරිසක් අපහසුතාවට පත්වීම ඇතැම් අවස්ථාවල වාර්තා වනවා.
ඒ හේතුවෙන් වෙළදපලේ දී ඉහළ මිලක් ලැබෙන පරිදි කල් තියා වගා කරන බෝග වර්ග හා ප්‍රමාණය සැලසුම් කර ගත යුතුයි.
ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකථන ඒකකය විසින් ලබා දෙන බෝග පුරෝකථන තොරතුරු ආශ්‍රිතව වගාව සිදු කිරීමෙන් ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව පවතී.
එම ඒකකය විසින් මෙම තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ වර්තමාන වගා වපසරියට හා අනාගත ඉල්ලුමට අවධානය යොමු කරමිනි.
දෙසැම්බර් මස 05 වන දින දක්වා කාලය තුළ වගා කිරිමට සුදුසු බෝග වර්ගයන් පිළිබඳව පූර්ව දැනුම් දීමක් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව බීට් රූට් වගා කිරීමෙන් ගොවින් හට වෙළෙඳපොලේදී හොඳ මිලක් ලබා ගැනීමට හැකියාව පවතී.
බෝංචි, වම්බටු හා රාබු වැනි බෝග වර්ගයන් වගා කිරීමෙන් වෙළඳපොලේදී සාමාන්‍ය මිලක් ලබා ගැනීමට හැකි වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන ඒකකය ප්‍රකාශ කරයි.
කරවිල හා තක්කාලි වගා කිරීමෙන් ගොවීන් හට අපේක්ෂිත මිලක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන අතර මෙම බෝගයන් වගා කිරීම අවධානම් සහිත බව බෝග පුරෝකතන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.