කලුතර දිස්ත්‍රික්කයේ දේශීය අල බෝග ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ.
එම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ජේ.සී රාජපක්ෂ මහත්මිය පැවසුවේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවය.
මේ සදහා රුපියල් මිලියන 1.78 ක මුදලක් රජයෙන් ලබා දී තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ තෝරාගත්ගොවීන් 100 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ඉන්නල හෙක්ටයාර් 08 කද, වැල් අල හෙක්ටයාර් 01ක හා කිරි අල හෙක්ටයාර් 08 ක් ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට නියමිතය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින කෘෂි සංවර්ධන නිලධාරීන් හරහා ලබා ගත් තොරතුරු මත වගා කිරීමේ කටයුතු සිදු වන බව කලුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ජේ.සී රාජපක්ෂ මහත්මිය සදහන් කළාය.