කලුතර දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයින් කෘෂිකර්මාන්තයට නැඹුරු කරවීම සදහා විශේෂ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.
කලුතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය පැවසුවේ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තෝරා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගත් බවය.
ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා මූලික යෙදවුම් හදුනාගෙන ඒවා ලබාදීමට අමාත්‍යංශය කටයුතු කරයි.
මේ සදහා විශේෂ දැනුවත් කිරීම් ද කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා සිදු වන බව කලුතර දිස්ත්‍රික් කාෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය පවසයි.