22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

කව්පි වගා ගොවීන්ට ප්‍රතිලාභ රැසක්..

සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ කව්පි වගාව තවදුරටත් ඉහළ නැංවීම සදහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2023 වසර වන විට කව්පි වගාවේ ඵලදායිතාවය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 1.2 සිට 1.3 දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව වේ.

එමගින් කව්පි ජාතික අවශ්‍යතාවය සැපිරීම සදහා කව්පි මෙට්‍රික් ටොන් 20,000 ක් නිෂ්පාදනය කිරීම ඉලක්කය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ ගුණාත්මක කව්පි බීජ නිෂ්පාදන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කව්පි බීජ මෙට්‍රික් ටොන් 395 සිට 415 දක්වා ඉහළ නැංවීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ.

මේ සදහා කව්පි බොග්ය වගා කරන ගොවීන්ට ප්‍රතිලාභ රැසක් ලබාදීමට ද නියමිතය.

ඒ අනුව නව වගා භුමි භාවිතය දිරි ගැන්වීම සදහා සහනාධාර සැපයීම, අතරමැදි කන්නයේ වගාව හදුන්වා දීම, ගුණාත්මක බීජ භාවිතය ඉහළ නැංවීම, බීජ ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, තාක්ෂණික මෙවලම් භාවිතය ඉහළ නැංවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත සිදු වනු ඇති.

එමෙන්ම, නව යන්තෝපකරණ හදුන්වාදීඹ සහ දේශගුණික සුහුරු පිළිවෙත් හදුන්වාදීම සහ පුහුණු වැඩසහන් පැවැත්වීම ද සිදු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here