2021 වසර සදහා කහ වගාකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික්ක 17 ක පිහිටුවා ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල හරහා වැඩසටහන ක්‍රියාත්මක වේ.
මාතර, රත්නපුර, කළුතර,කුරුණෑගල, නුවරඑලිය, පොළොන්නරුව, හම්බන්තොට, ගම්පහ, ගාල්ල, මාතලේ , බදුල්ල, අනුරාධපුර, මොණරාගල, කොළඹ, කෑගල්ල, මහනුවර , අම්පාර යන දිස්ත්‍රික්කවල එම කාර්යාල පිහිටුවා තිබේ.
ඒ අනුව කහ වගාකරුවන් තම තොරතුරු ඇතුළත් කරන ලද ඉල්ලුම්පත් මෙම මස 28 දිනට පෙර මෙම දිස්ත්‍රික් කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට කටයුතු කළ යුතු වේ.
දේශීය කහ වගාකරුවා හා නිෂ්පාදකයින් සවිබල ගැන්වීම තුළින් මෙරට කහ බෝගයෙන් ස්වයංපෝෂිත කිරීම වැඩසටහනේ අරමුණ වේ.
වැඩිදුර තොරතුරු සදහා 081-2388651 යන දුරකතන අංකය අමතන ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
නොඑසේනම් අධ්යක්ෂ ජනරාල්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, 1395, ගැටඹේ , පේරාදෙණිය යන ලිපිනයෙන් ද අවශ්‍ය තොරතුරු දැන ගත හැකි වේ.