ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම තුළින් අර්තාපල්, මිර්ස්, ළූණු යන බෝග ඇතුළු අනෙකුත් වගාවන් සිදු කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විණි.
ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ පිළිබදව ඇති ගැටුළු හදුනාගනිමින් එයට සාර්ථක විසදුම් සොයා ගනිමින් වඩාත් සාර්ථක කාර්යක්ෂම වාරි ක්‍රම ගොවීන්ට හදුන්වාදීම සාකච්ඡාවේ අරමුණ විය.
මෙලෙස සාර්ථක වාරි ක්‍රම හදුනාගැනීම තුළින් වඩාත් කාර්යක්ෂම ලෙස ගොවි ජනතාවට වගාව සදහා ජලය සැපයීමට හැකියාව ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.