20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කාබනික කෘෂිකර්ම ගැන දැනුවත් කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගමින් ගමට

කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

එහි සමාරම්භය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

මෙම ජංගම දැනුවත් කිරීමේ වැඩපිලිවෙල දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ ව්‍යප්ති හා පුහුණු අංශයේ අධ්‍යක්ෂ .ජගත් සුදසිංහ මහතා පවසයි.

මෙහිදී කාබනික කෘෂිකර්මාන‍්තයේදී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබදව දැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂිතය.

මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරන හරිත රටක් වස විස නැති හෙටක් කාබනික වගා සංග්‍රාමය යථාර්ථයක් කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට කැප වී ක්‍රියා කරයි.

මෙම ජංගම වැඩසටහන එහි එක් අදියරක් බව ජගත් සුදසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here