21.5 C
Sri Lanka
Thursday, April 22, 2021

කාබනික ගොවිතැන නැංවීමට කෘෂි ඇමතිගෙන් විශේෂ අවධානයක්

කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ දේශීය ගොවියා කාබනික පොහොර භාවිතයට යොමු කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදීය

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇති බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව එම ගැටලුවට තිරසර විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ නිරෝගීභාවය වෙනුවෙන් වසවිස නැති ආහාර රටාවක් තුළින් නිරෝගී සම්පන්න පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කළ යුතු බව ද මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව 2021 ජනවාරි මස සිට ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය ඔස්සේ වසර 03 කදී දේශීය කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළ නැංවීම සිදුවනු ඇත.

 රසායනික පොහොර අවභාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ගැටළු අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා  රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්තුමා, රාජ්‍ය ලේකම්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සහභාගී විය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here