20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කාබනික ගොවියාට රජයෙන් දිරි දීමනාවක්

තම ගොවිතැන් කටයුතු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නා ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් වූ දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් (අක්කර 05) නොඉක්මවන පරිදි එම දිරි දීමනාව ලබා දීමට නියමිතය.

2021/2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර 800,000ක පමණ වී වගාව සඳහා වන කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේ.

ඒ යටතේ ප්‍රධාන වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත ගොවීන් විසින් ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීම සඳහා යොමු කෙරේ.

බලපත්‍රලාභී නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ප්‍රමාණය වැඩි කිරීමටත් අවශ්‍ය පියවර රජය විසින් දැනටමත් ගෙන තිබේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here