කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කාබනික ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන වගාවන් සදහා ගොවීන්ට සහතිකපතක් නිකුත් කිරීමට සැලසුම් සකස් කොට තිබේ.
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙල නම් කර ඇත්තේ කාබනික සහභාගීත්ව සහතිකකරණ ක්‍රමවේදය ලෙසය.
මූලික වශයෙන් වගාකරුවන් සහ පාරිභෝගිකයින් අතර ඇතිවන අනෝන්‍ය විශ්වාසය පදනම් කර ගත් නිෂ්පාදන සහතික කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
මෙම ක්‍රමවේදය තුළින් කුඩා පරිමාණ කාබනික එළවළු වගාකරුවන්ගේ නිෂ්පාදනවලට සාධාරණ වටිනාකමක් ලබාදීම මගින් කාබනික වගාව ප්‍රචලිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
එමෙන්ම කාබනික වගාව සදහා වලංගු සහතිකයක් ලබා ගැනීමට සුළු වගාකරුවන්ට දැරිය යුතු වන විශාල පිරිවැය අවම කිරීම ද මෙහි තවත් අරමුණකි.