20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කාබනික පොහොර නිපදවන ගොවියෙකුට රජයෙන් රුපියල් දස දහසක්..

කාබනික පොහොර නිපදවන ගොවියෙකුට රජයෙන් රුපියල් දස දහසක්…..

හෙක්ටයාරයකට කාබනික පොහොර නිපදවන ගොවියෙකු සදහා රුපියල් දස දහසක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ..

කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති සාකච්චාවකදී මෙම තීරණය ගනු ලැබිණි.

කෘෂිකරම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලදාරීන් සාකච්චාව සදහා එක්ව සිටියහ.

මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අනෙකුත් සියලුම පහසුකම් ලබාදිමට පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණ විණි.

එලඹෙන මහ කන්නය සදහා කාබනික පොහොර ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්චාවට ලක් විණි.

මේ කාර්‍ය් සදහා කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන රැසක් ද එක්ව සිටී.

වසවිස නැති කාබනික කෘෂිකර්මය තුලින් නීරෝගී ජනතාවක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කලේය.

එය තනිව කල නොහැකි බවත් ඒ සදහා සැමගේ සහය ලබාදිය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here