දිවයින පුරා සිටින කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම කෘෂිකර්ම අමාත්‍යංශයේ කාබනික පොහොර අංශය මගින් සිදු කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.
කාබනික පොහොර නිෂ්පාදකයින් ජාතික වැඩසටහනේ කොටස්කරුවන් බවට පත් කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිගැන්වීම හා පොහොර නිෂ්පාදකයින්ගේ ගැටළු වලට ජාතික මට්ටමින් විසඳුම් ලබා දීම ද මෙම වැඩපිළිවෙලේ තවත් අරමුණකි.
මේ හරහා රටේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම හා කාබනික පොහොර භාවිතා කිරීමට ගොවින් නැඹුරු කිරීම අපේක්ෂා කරයි.
කාබනික පොහොර භාවිතය තුළින් රට තුළ රසායනික පොහොර භාවිතය අඩු කිරීම ද අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.