20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කාබනික පොහොර වැඩසටහනට පළාත් පාලන ආයතනත් එක්වෙයි

කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සදහා  පළාත් පාලන ආයතන ද එක්ව කටයුතු කිරීමට සූදානම් බව රජය පවසයි.

මෙම කර්තව්‍ය සදහා පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා මේ වන විටත් වැඩමුලුවක් පවත්වා දැනුවත් කර තිබේ.

වැඩමුලුව සදහා රජයට සම්බන්ද පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව ති‍බේ.

මෙම වැඩමුලුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනයට අවැසි තාක්ෂණය, ඉඩම්, දැනුම, සහන ණය දීම ලබාදීමට රජය සූදනම් බවය

මහවැලි කලාප ගොවිබිම් සදහා කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඒ වැලි ඔය හැලඹ වැව ප්‍රදේශයේදීය.

මේ මගින් මහවැලි එල් කලාපයේ කුඹුරු සදහා කාබනික පොහොර අවශ්‍යතාව නිපදවීමට නියමිතය

මෙම මධ්‍යස්ථානය මගින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 14 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාදීමට නියමිත වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත රජය විසින් ක්‍රියාත්මක කරන කාබනික කෘෂිකර්මාන්තය සදහා මහවැලි කලාපවල දායකත්වය ලබාදීම මෙහි අරමුණය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here