මෙරට කෘෂිකර්මාන්තය නවමු වෙනසකට බදුන් කරමින් ඉදිරියේදී කාබනික පොහොර අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මෙම අධිකාරිය පිමහිටුවීම සදහා පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
වස විස නොමැති ආහාර රටට ලබාදීමේ ජාතික වැඩපිළිවෙලේ ආරම්භයක් ලෙස මෙම අධිකාරිය ආරම්භ කෙරේ.
මෙම අධිකාරිය හරහා මෙම කන්නයේ වී වගා කෙරෙන හෙක්ටයාර් එක්ලක්ෂ දොලොස්දහසකට ආසන්න වගා බිම් ප්‍රමාණයකට කාබනික පොහොර ලබාදීමට රජය අපේක්ෂා කරයි.
රසායනික පොහොර භාවිතය තුළින් නිසරු වන පස ආරක්ෂා කර ගැනීමට හා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාදීම සදහා ගොවියා කාබනික පොහොර භාවිතයට නැඹුරු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වේ.
එමෙන්ම,ඉදිරි වසර 03 තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළට ගෙන ඒම රජයේ ඉලක්කය බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.