පළමු වසරට ඇතුලත්වන සෑම දරුවෙකු අතින්ම මව්පොළොව සශ්‍රීක කෙරෙන පැළයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහන ලබන 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ විමලධර්ම ජාතික පාසලේදීය.
කැකුළු තුරු උදාන ලෙස වැඩසටහන නම් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ දිවයිනේ සියලු පාසල්වල පළමුවන ශ්‍රේණිය සදහා මෙම මස 15 වනදා ඇතුළත්වන සෑම දරුවෙකු අතින්ම වසර තුනකදී ඵල දරන පැළයක් රෝපණය කිරීම සිදු කෙරේ.
අනාගතයට ආයෝජනයක් ලෙස පළමු වසරේ සිටම දරුවන්ට පරිසරය රැකගැනීම පිළිබදව හා එයට ආදරය කිරීම පිළිබදව ආදර්ශමත් අත්දැකීමක් ලබා දෙමින් රටට වැඩදායි පුරවැසියකු බිහිකිරීම වැඩපිළිවෙලේ අරමුණයි.