කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කලාපය තුළ මඥ්ඥොක්කා, අන්නාසි හා රත් කෙසෙල් අපනයනය සදහා වගා කිරීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන හා මග පෙන්වීම් අනුව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ.
තෝරාගත් ගොවීන් 20 දෙනෙකු සදහා නොමිලේ විදුලි වැටක් ලබා දීඹට නියමිත අතර, රැවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපය තුළ හෙට දින මේ පිළිබදව පුහුණු වැඩසටහනක් සංවිධාන කර තිබේ.
දෙසැම්බර් මස වන විට රත් කෙසේල් පැළ ද ගොවීන් හට නිකුත් කිරීමට අපේක්ෂිත බව රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයේ විෂය භාර නිලධාරී අනුර ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
ගුණාත්මයෙන් ඉහළ රෝපණ දුව්‍ය ගොවීන් හට ලබාදීම හා මෙරට නිෂ්පාදනයන් විදේශීය වෙළදපල වෙත යොමු කිරීම ඔස්සේ ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මෙහි මූලික පරමාර්ථයන් වේ.