කෑගල්ල පරගම්මන කෘෂිකර්ම උපදේශක කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී බිම් මල් නිෂ්පාදකයින්ගේ සංගමය මගින් දියත් කරනු ලැබූ උද්ඝෝෂණයක් අද දිනයේදී කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
බිම්මල් පරිභෝජනය සඳහා ජනතාව දිරි ගැන්වීම සහ ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහි මූලික පරමාර්ථය බව කෑගල්ල පළාත් අධ්යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම උපදේශක තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්න ලන්ද මහතා, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ චම්පිකා වෙලගෙදර මහත්මිය සහ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ සඳහා සහභාගී වූහ
එමෙන් ම පරිසර හිතකාමී බිමල් නිෂ්පාදකයින්ගේ සංගමයේ (KEMPO) අලෙවි කුටියක්ද අද දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අතුකෝරල සුපිරි වෙළඳසැල තුළ විවෘත කරන ලදී.