MICH 1 හා MICH 2 යන හයිබ්‍රිඩ් මිරිස් ප්‍රබේද ප්‍රචලිත කිරීමේ විශේෂ ක්ෂේත්‍ර දින වැඩසටහනක් ලබන 22 වනදා බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
තෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා නිර්මා රාජපක්ෂ මහත්මිය පැවසුවේ එම මිරිස් ප්‍රබේදය ප්‍රචලිත කිරීම මගින් මිරිස් ගොවීන්ට කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව උදා වන බවය.
ප්‍රථම වතාවට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙම ප්‍රබේදය හදුන්වාදෙන අතර ඒ සදහා මිරිස් වගාව සිදුකරන හා ඒ සදහා ලැදියාවක් දක්වන ගොවි ජනතාව හා දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
මෙහිදී මෙම මිරිස් ප්‍රබේදය වගා කරන ආකාරය, තාක්ෂණය පිළිබදව දැනුවත් කිරීම සිදු කෙරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් සදහන් කළාය.