20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කිසිදු පොහොර හිගයකට ඉඩ තබන්නේ නැහැ -කෘෂි ඇමති කියයි

මෙරට තුළ කිසිදු පොහොර හිගයකට ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

රටට අවශ්‍ය පොහොර අවශ්‍යතාවයෙන් සියයට 76 ක් මේ වන විට ලබා දී අවසන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේය.

පොහොර හිගයක් මවාපාමීන් ඇතමුන් රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

වත්මන් රජය ගොවීන්ගේ වටිනාකම හොදින් අවබෝධ කරගෙන සිටින බව පැව්සූ අමාත්‍යවරයා ඔවුන් රැකගැනීම සදහා තමා ඇතුළු රජය කැපවන බව සදහන් කලේය.

දිගු කාලයක් මෙරට තුල ක්‍රියාත්මක රසායනික පොහොර මාෆියාව පරාජය කිරීම පහසුවෙන් කල නොහැක.

කෙසේ වෙතත් මෙරට අනාගත පරපුර වෙනුවෙන් වස විස නොමැති කාබනික කෘෂිකර්මය ප්‍රචලිත කිරීම වගකීමක් ඇති රජයක් ලෙස අනිවාර්‍යෙන්ම සිදු කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් මෙහිදී සදහන් කලේය

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here