සියලු කෘෂි සේවා එක් පියසකින් පාරිභෝගික ජනතාවට ලබාදීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කළ ones stop super ජාලය සාර්ථකව ක්‍රියාවට නැංවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එක්ව මෙම ක්‍රියාන්විතය දියත් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති හෙල බොජුන් හල් කේන්ද්‍ර කර ගනිමින්, ගැප් සහතික ලත් එළවළු හා පළතුරු , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති බීජ අලෙවිසැලක්, පැළ අලෙවිසැල්වලින් තම කෘෂිකාර්මික අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙම වැඩසටහන හරහා පාරිභෝගිකයාට අවස්ථාව උදා වේ.
මේ වන විට ගන්නෝරුව, පේරාදෙනිය,අනුරාධපුර පුලියන්කුලම, හම්බන්තොට බටඅත මෙන්ම මඩාටුගම යන ප්‍රදේශවල මෙම ones stop super අලෙවි ජාලය පිහිටුවා තිබේ.
ඉදිරියේදී පැල්වෙහෙර හා නාලන්ද යන ප්‍රෙද්ශවල පිහිටි හෙල බොජුන් අලෙවිසැල් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර උපදේශන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඒ එස් එම් රොෂාන් මහතා සදහන් කළේය
එමෙන්ම, මෙම ස්ථානවල පිහිටි ගැප් සහතික ලත් එළවළු හා පළතුරු අලෙවිසැල හරහා කිසිදු වස විසක් නොයෙදූ සෞඛ්යාරත්ෂිත තත්ත්වයෙන් ඉහළ එළවළු හා පළතුරු මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.