මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් දිළිදුකම තුරන් කිරීම සදහා මේ වසරේදී ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මෙරට ජනතාවගෙන් සියයට 9.37 ක් මේ වන විට කෘෂිකර්මාන්තයේ නියැලෙන බව “වියලි ඉරිතලාගිය මහ පොළවට නව බලාපොරොත්තුවක්” යන පර්යේෂණ කෘතිය එළිදක්වමින් කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව මෙරට ශ්‍රම බලකායෙන් සියයට 25.1 ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලී සිටී.
ගොවිතැන ලාභදායි ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම තුළින් දේශීය ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා දීප ව්‍යප්ත මට්ටමින් කෘෂිකර්ම අමාත්‍යංශය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ.
එමෙන්ම, නව වැඩි දියුණු කළ බෝග වර්ග හා තාක්ෂණ කට්ටල ගොවීන් වෙත ලබාදීම ද සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
එමගින් ඒකක නිෂ්පාදන පිරිවැය අවම කිරීම හා නිෂ්පාදිතාව ඉහළ නැංවීම තුළින් ගොවියාගේ ආදායම ඉහළ නැංවීම අමාත්‍යංශයේ අරමුණ වේ.
ගොවියා හා පාරිභෝගිකයාට සාධාරණ ලෙස කෘෂිකාර්මික බෝගයන්හි මිල ස්ථාවරව තබා ගැනීම ද සිදු කෙරේ.
ගොවි නිෂ්පාදන සදහා ඉහළ මිලක් ලබාදීම, ගෙවතු සංවර්ධනය තුළින් ගෘහස්ත ආහාර සුරක්ෂිතතාව උදා කරදීම සදහා ද කෘෂිකර්ම අමාත්‍යංශය පියවර රැසක් ගෙන තිබේ.
එමෙන්ම වැඩි දියුණු කළ පසු අස්වනු තාක්ෂණීක කුමවේදයන් තුළින් අස්වැන්නේ හානිය අවම කිරීම හා ගුණාත්මය ඉහළ නැංවීම ද දිළිදු බව තුරන් කිරීම සදහා ඉවහල් වනු ඇති බව අමාත්‍යංශය අවධාරණය කරයි.