30.2 C
Sri Lanka
Tuesday, October 20, 2020

කෘෂිකර්මික දැනුමෙන් සන්නද්ධව කෘෂිකර්ම ක්ෂේත්‍රයට ශක්තිමත් අත්වැලක් වන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තරුණ ඔබට ආරාධනා….

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව 2020 – 2021 අධ්‍යයන වර්ෂයන් සඳහා මෙම බඳවා ගැනීම් සිදු වේ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම පාඨමාලාව පැවැත්වෙන අතර පාඨමාලාවේ කාලය වසර එක හමාරකි.

මෙය ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටමේ (NVQ Level  5) පාඨමාලාවකි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තු‍ව යටතේ ක්‍රියාත්මක වන අනුරාධපුරය, බිබිල, ලබුදූව, වාරියපොල, පරන්තන් හා පාලමුනේ යන කෘෂිකර්ම විද්‍යාලයන් සඳහා මෙම සිසුන් බඳවා ගැනේ.

අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය, විද්‍යාව, සිංහල භාෂාව, දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුලුව විෂයන් හයකින් දෙවරකට වඩා නොවැඩි වාර ගනණකදී සමත්ව තිබිය යුතුය.

අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව විෂය ධාරාව යටතේ ජීව විද්‍යාව,භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව යන විෂයන්ගෙන් එක් විෂයක්වත් සමත් විය යුතුය.

තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව හා කෘෂිකර්මය යන විෂයන්ගෙන් එක් විෂයක්වත් සමත්ව තිබීම.

එමෙන්ම උසස් පෙළ විභාගයේදී ගණිතය විෂය ධාරාව යටතේ රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විෂයන් සමත්ව තිබීය අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලෙස නොසැලකේ.

උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ කෘෂිකර්මය විෂය හදාරා සමත් සිසුන් හටද මේ සඳහා අයදුම් කල හැකිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාග අංශයේ අතිරේක අධ්‍යක්ෂිකා අමිතා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම සුදුසුකම්ලාභීන් වයස අවුරුදු 17ත් 25ත් අතර විය යුතු බවයි.

සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ (NVQ Level  4) පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීමද  අයදුම් කිරීම සඳහා සුදුසුකමක් ලෙස සැලකේ.

එමෙන්ම එම සහතික පත්‍රය අපොස උසස් පෙළ විභාගය හා සමාන ලෙස පිළිගැනේ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ (NVQ Level  4)  පැල තවාන් සහායක, ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම), උද්‍යාන අලංකරණ ශීල්පී හා භූ දර්ශන සංවර්ධන සහායක යන ක්ෂේත්‍රයන්ට අදාල පාඨමාලාවක් හදාරා තෘතීයිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ (NVQ Level  4)  සහතිකපත් ලාභීන්ටද මේ සඳහා අයදුම් කල හැකිය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ (NVQ Level  4) වෙනත් පාඨමාලාවක් හදාරා තිබීමද අයදුම් කිරීමට සුදුසුකමක් ‍ලෙස සැලකේ.

මෙම අයදුම්කරුවන් වයස අවුරුදු 17ට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන තරග විභාගයකින් අනතුරුව වැඩිම ලකුණු පදනම මත මෙම සිසුන් බඳවා ගැනීම සිදු වේ.

බඳවා ගනු ලබන සිසුන් කෘෂිකර්ම විද්‍යාලයන් තුළ වසරක පුහුණු කාලයකින් අනතුරුව මාස හයක රැකියාස්ථ පුහුණුවක් සඳහා  යොමු කෙරේ.

එම පුහුණුවෙන් අනතුරුව තෘතීයිය හා වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන නිපුණතා පාදක ඇගයීමකින් අනතුරුව ඔවුන් හට ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටමේ (NVQ Level  5) සහතික පත්‍රය නිකුත් කරනු ලැබේ.

නොවැම්බර් මස 04 වන දින තෙක් අයදුම්පත් යොමු කල හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාග අංශයේ අතිරේක අධ්‍යක්ෂිකා අමිතා ජයවර්ධන මහත්මිය පැවසීය.

ඔක්තොම්බර් මස 04 වන දින මේ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන ලද අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doa.org.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙය ලබා ගත හැකිය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 081 2 388 340 දුරකතන අංකයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍වේ විභාග අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here